Tuesday, March 9, 2010

එකමත් එක දවසක අපි......


එකමත් එක දවසක අපි......


පද ටික නම් මගෙ නෙවෙයි,

2010-03-04 දවසෙ "තරුණයා" පත්තරෙ තමයි තිබ්බෙ.. හරිම ලස්සන නිර්මාණයක් හින්දා මගෙ ළග තිබුන Image එකකට සෙට් කරා....... පද ලියපු මිතුරා හරි මිතුරිය හරි තරහා වෙන එකක් නෑ කියලා හිතනවා.....


Tuesday, March 2, 2010

රෑ අහස.....

02 - 03 - 2010

ඉතිං හැමෝටම ආයු බෝ....

මොකක්ද මේ රෑ අහස...
ඉර පායලා මේ මහ පොළව ගිනියම් කරලා ගියාට පස්සේ ඒ රත්වුන පොළව සිසිල් කරන්න සොබාදහමන් ලැබුණු වටිනාම තෑග්ගක්..

ඉතිං අපිට මොකෝ...
ජිවිතයත් හරියට රෑ අහස වගේ නේ ද.... ආදරය.... ජිවිතේට සමීප වෙන තරමට රෑ අහස ආදරයට සමීපයි.. මේ කියන දේ හදවතින් ආදරය කරන, කරපු අය හොදටම දන්නවා... බයවෙන්න එපා ආදරය කරන්න ඉන්න අයටතත්, අලුතින්ම පටන් ගත්ත අයටත් ඉක්මනින්ම ඒක තේරේවී.... තනිකමෙන් පාලුවෙන් විරහ වේදනාවෙන් ගිනියම් උන ජිවිත වලට ඇත්ත ආදරයක් ලැබුනාම දැනෙන සිසිල.....

රෑ අහසයි ආදරයයි...
හදක් රෑ අහසට ආවාම..... කොච්චර ලස්සන ද.... ඒ හද දිහා බලාගෙන අනාගතේ ගැන හීන මවපු හැටි... ‍දෙන්නත් එක්ක එකට ඉදගෙන හද බලන්න පින නෑ කියලා දුක් වුන හැටි..... මතකද...

ඒ විතරක් ද...
ඒ හීන මවපු ආදරය ඔයාව දාලා ගියාම...... ජිවිතයත් හදක් නැති අහසට සමාන කරලා ඒ අමාවක අහසත් එක්ක දුක බෙදාගත්ත හැටි...... රෑ දොළහටත් එළියට වෙලා පිණිබබා අම්මගෙන් බැනුම් අහ අහ ඒ අමාවකට දුක කිව්ව හැටි.....

අමතක කරා...
හදක් අහසින් ගියා කියලා ඇඩුවට..... තනි වුනා කියලා හිතන් හිටියට.... ටික කාලෙකින් හද එනවා..... එත්.... හද නැති වුනා කියලා අහස පාලු ද....... නැ නේද... මොකද හද හිටියත් නැතත් චුටි චුටි තරැ තමන්ට පුලු පුලුවන් විදියට ඒ අහසේ කළුවර මකනවා.... හද ඉන්නකොට නම් පේන්නෑ තමයි.... ඒත් එයාලා ඉන්නවා.... කවදාවත් ඒ අය රෑ අහස දාලා යන් නෑ..... මොකද ඒ අයගේ මුළු ලෝකයම අහස නිසා.......

මතක්කර ගන්න...
ජිවිතේ සහයට කිදෙනෙක් ආවද.... කීදෙනෙක් ජිවිතේට එන්න අවසර ඉල්ලුවද.... කිදෙනෙක්ගෙන් ජිවිතයට උදවි ඉල්ලුවද.... ඒත් අද ළග ඉන්නේ කව්ද...... මේ හැමෝම අතරේ පැත්තකට වෙලා ඔයාගේ දගකාරකමට, හිනාවට වගේම ඔයාගේ නපුරැකමට රැවිල්ලට ආදරය කරපු අය ඇති..... අදත් ආදරේ කරන අය ඇති.... ඒත් මොකද වුනේ....... එළිය ගොඩක් තියෙන් හද ඇවිත් ඒ පුංචි තරැ වල එලිය මකා දැම්මා නේ ද......

රෑ අහස ඔබටයි...
ඉතිං.... ඒ හදටත්, අමාවකට වගේම හැමදාම ඉන්න චුටි තරැ වලටත් ආදරේ කරන, ආදරේ කරලා දැන් දුක් විදින අයට වගේම ආදරේ ජය ගත්ත හැමෝටමයි මේ රෑ අහස.... එන්න ඇවිත් අපිත් එක්ක බෙදාහදා ගන්න... කදුල සොම්නස හිනාව වගේම ඔයාට හිතෙන ඕන දෙයක්...... රෑ අහස ඔබටමයි.......