Friday, December 31, 2010

ඔබේ පැතුම......

තැන් දෙකක නිදාගන්න කොට
සිහිනෙන් හරි එන්න ඔයාට පුලුවන්නම්....
කවියක් ලියන වෙලාවට ඒ කවිය ඔයා වෙන්න පුලුවන්නම්....
එකිනෙකා වෙනුවෙන් අපිරිමිතව කැප කිරීම් කරන්න පුලුවන්නම්...
ජිවත්වෙන්න පුලුවන්... මැරෙන්නත් පුලුවන්.....
ඒ ඔයාගේ ආදරය වෙනුවෙන්......

Thursday, October 28, 2010

ඉවසීමෙන් පෙරමං බලා හිදිමත් හරිම සුන්දරයි.........


ආදරේට සිමාමායිම් දෙන්න පුලුවන්ද??
උඩරට පහතරට රජරට කියලා ආදරේට සිමා දාන්න පුලුවන්ද??

"කවුරැද ඔබ මා ඉන්නේ කොතනද නොම විමසා පෙම ඉගි මැරැවා...."

තමන් පතාගෙන ආපු කෙනා ඉන්නේ කොයි ලෝකේද එතකන් අපි ඒ ආදරේ හොයන් යන්න ඕනේ... කවුරැ මොනව කියුවත් අපි පතාගෙන ආපු කෙනා අපිට හමුවෙනකන් අපිට නියම ආදරේ ලැබෙන් නෑ.,
අපිට නියම ආදරේ දෙන්නත් බෑ...
පතාගෙන ආපු ආදරයක සැකය කියලා දෙයක් නෑ, එහෙම ගෙවෙන ජීවිතයක් කොච්චර ලස්සනද, සුන්දර ද...

රෑ අහස, හවසට මුහුදු වෙරළ, කොච්චර නිති තිබ්බත් ගස්වැල් වලින් පිරිච්ච පාර්ක් එක...

මේ හැමදේම ආදරේත් එක්ක බැදිච්ච දේවල්... ඒත් මේවා විදගන්න ඒ හදවත් එක්වෙන්නේ මාස ගාණකට පස්සේ නම්.......
හිතන්න ඉවසීමෙන් පෙරමං බලා හිදිමත් හරිම සුන්දරයි.........

Thursday, October 21, 2010

මගේ නඩුව.....


කියන්න දෙයක් හිතා ගන්න බෑ.......

Monday, September 27, 2010

ආදරයේ ඇරඹුම.......

ජීවිතයේ ආදරය පටන් ගන්නේ කොතනින් ද??
පාසලෙන් ද, ටියුෂන් පංතියෙන් ද, පාසල් තරග වලින් ද,
මම ඔයාගෙමයි... ඔයා වෙනුවෙනුයි ජීවත් වෙන්නේ...
කිය කිය පාරම් බාන අය ගොඩක් ඔයාලට මේ සමාජයේදී හමුවෙන්න ඇති,, ඔයාලත් කියලත් ඇති....
ඒත්....
මුළු ලෝකේටම කෑගහලා කිව්වේ නැතත් ගලින් නෙළපු පිළිමයක් වගේ,, මහ වැස්සට හෙවන දෙන විසල් බෝ ගසක් වගේ නිහතමානීව අපි දිහා බලාගෙන අ‍පේ සැපදී වගෙම දුකේදීත් අපිත් එක්කම ඉන්න ඒ රත්තරං මනුස්සයෝ දෙන්නා මතකද???

මගේ පණ, මගේ රත්තරං, චූටි මැණි‍කෙ ගැන නෙවෙයි මේ අපේ අම්මයි තාත්තයි ගැන... කියවලා බලන්නකෝ...

Friday, September 17, 2010

සද තාම තනිකඩයි - by Shona

කලකට පස්සේ......

මුලින්ම සමාව තමයි ඉල්ලන්න වෙන්නේ............... මාස ගාණක් ඉදලා BLOG එක update කරන්න වුනේ නෑ..... ආර්ථික ගැටලු තමයි.... ඒත් අද ඉදන් blog එක වැඩ.... නිර්මාණ වගයක් ඇවිත් තිබුණා... ඒ හැම එකකටම‍ ‍බොහෝම thanxxxxx.........

Friday, April 2, 2010

බත් පතකට දුක් විඳිනා Super Star....

Super Star...

මේ වචනය අපේ සමහර අයට නම් දැන් අහල අහලා එපා වෙලා අැති නේ ද? බොරු කියන්නේ මොකට ද මටත් එහෙමයි.....

sms වලින් පිම්බිලා බැලුමක් වගේ සමාජයේ වැනි වැනි ඉන්න star ලා අතරේ එදා වේල හොයාගන්න තමන්ගේ හැකියාව උකස් කරන ජීවන ගමනේ super star....

video එක බලලා ඉන්නකො.....

හොඳ වගේම නරකත් අපි බාර ගන්නවා.. හැමදේම comment කරන්න...

2009 - 11 - 28

පෙ.ව. 7.15

සමුද්‍ර දේවී දුම්රිය (ගාල්ල සිට මරදාන ට එන අතරතුර)

Tuesday, March 9, 2010

එකමත් එක දවසක අපි......


එකමත් එක දවසක අපි......


පද ටික නම් මගෙ නෙවෙයි,

2010-03-04 දවසෙ "තරුණයා" පත්තරෙ තමයි තිබ්බෙ.. හරිම ලස්සන නිර්මාණයක් හින්දා මගෙ ළග තිබුන Image එකකට සෙට් කරා....... පද ලියපු මිතුරා හරි මිතුරිය හරි තරහා වෙන එකක් නෑ කියලා හිතනවා.....


Tuesday, March 2, 2010

රෑ අහස.....

02 - 03 - 2010

ඉතිං හැමෝටම ආයු බෝ....

මොකක්ද මේ රෑ අහස...
ඉර පායලා මේ මහ පොළව ගිනියම් කරලා ගියාට පස්සේ ඒ රත්වුන පොළව සිසිල් කරන්න සොබාදහමන් ලැබුණු වටිනාම තෑග්ගක්..

ඉතිං අපිට මොකෝ...
ජිවිතයත් හරියට රෑ අහස වගේ නේ ද.... ආදරය.... ජිවිතේට සමීප වෙන තරමට රෑ අහස ආදරයට සමීපයි.. මේ කියන දේ හදවතින් ආදරය කරන, කරපු අය හොදටම දන්නවා... බයවෙන්න එපා ආදරය කරන්න ඉන්න අයටතත්, අලුතින්ම පටන් ගත්ත අයටත් ඉක්මනින්ම ඒක තේරේවී.... තනිකමෙන් පාලුවෙන් විරහ වේදනාවෙන් ගිනියම් උන ජිවිත වලට ඇත්ත ආදරයක් ලැබුනාම දැනෙන සිසිල.....

රෑ අහසයි ආදරයයි...
හදක් රෑ අහසට ආවාම..... කොච්චර ලස්සන ද.... ඒ හද දිහා බලාගෙන අනාගතේ ගැන හීන මවපු හැටි... ‍දෙන්නත් එක්ක එකට ඉදගෙන හද බලන්න පින නෑ කියලා දුක් වුන හැටි..... මතකද...

ඒ විතරක් ද...
ඒ හීන මවපු ආදරය ඔයාව දාලා ගියාම...... ජිවිතයත් හදක් නැති අහසට සමාන කරලා ඒ අමාවක අහසත් එක්ක දුක බෙදාගත්ත හැටි...... රෑ දොළහටත් එළියට වෙලා පිණිබබා අම්මගෙන් බැනුම් අහ අහ ඒ අමාවකට දුක කිව්ව හැටි.....

අමතක කරා...
හදක් අහසින් ගියා කියලා ඇඩුවට..... තනි වුනා කියලා හිතන් හිටියට.... ටික කාලෙකින් හද එනවා..... එත්.... හද නැති වුනා කියලා අහස පාලු ද....... නැ නේද... මොකද හද හිටියත් නැතත් චුටි චුටි තරැ තමන්ට පුලු පුලුවන් විදියට ඒ අහසේ කළුවර මකනවා.... හද ඉන්නකොට නම් පේන්නෑ තමයි.... ඒත් එයාලා ඉන්නවා.... කවදාවත් ඒ අය රෑ අහස දාලා යන් නෑ..... මොකද ඒ අයගේ මුළු ලෝකයම අහස නිසා.......

මතක්කර ගන්න...
ජිවිතේ සහයට කිදෙනෙක් ආවද.... කීදෙනෙක් ජිවිතේට එන්න අවසර ඉල්ලුවද.... කිදෙනෙක්ගෙන් ජිවිතයට උදවි ඉල්ලුවද.... ඒත් අද ළග ඉන්නේ කව්ද...... මේ හැමෝම අතරේ පැත්තකට වෙලා ඔයාගේ දගකාරකමට, හිනාවට වගේම ඔයාගේ නපුරැකමට රැවිල්ලට ආදරය කරපු අය ඇති..... අදත් ආදරේ කරන අය ඇති.... ඒත් මොකද වුනේ....... එළිය ගොඩක් තියෙන් හද ඇවිත් ඒ පුංචි තරැ වල එලිය මකා දැම්මා නේ ද......

රෑ අහස ඔබටයි...
ඉතිං.... ඒ හදටත්, අමාවකට වගේම හැමදාම ඉන්න චුටි තරැ වලටත් ආදරේ කරන, ආදරේ කරලා දැන් දුක් විදින අයට වගේම ආදරේ ජය ගත්ත හැමෝටමයි මේ රෑ අහස.... එන්න ඇවිත් අපිත් එක්ක බෙදාහදා ගන්න... කදුල සොම්නස හිනාව වගේම ඔයාට හිතෙන ඕන දෙයක්...... රෑ අහස ඔබටමයි.......